තමන් දේශපාලනට එක්වෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි.
මෙම වාර්තා වන පුවත් සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වූ බවත් තමන්ට දේශපාලනයට එක්වීමට කිසිම අදහසක් නොමැති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තමන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස රටට උපරිම සේවයක් කළ බවත් තමන් කිසිම අවස්ථාවක දේශපාලනයට එක්නොවන බවත් ඔහු පවසයි.
“ වගකිවයුතු පුරවැසියෙක් ලෙස මම මගේ උපරිමයෙන් සමාජීය කාර්යයන් සඳහා එක්වෙනවා. යමෙක් තවකෙකුගේ ජීවිතය දේශපාලන කටයුතු හරහා වෙනස් කිරීමට උත්සාහ නොකළ යුතුයි.” යැයි මහානාම පවසයි.