තමන් හොඳින් ක්‍රීඩා කරමින් ඉන්න අවස්ථාවේ අවස්ථාවක් නොදෙන්නේ නම් කණ්ඩායමේ සිටීමෙන් වැඩක් නොමැති බවත් මේ අවස්ථාවේ තමන්ගේ අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 44කට කඩුළු 5ක් දවාගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදීය.
“කඩුලු 05ක් දවාගැනීම සම්බන්ධයෙන් ඇත්තටම සතුටුයි. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියන්නේ ගොඩාක් සතුටු දෙයක්. ඉතින් මම හිතනවා ඒ ක්‍රීඩා කරන මට වගේම හැම ක්‍රීඩකයෙක්ටම අවශ්‍යතාව තියෙන්නේ තමන්ගේ අංශයෙන් තමන්ට පුළුවන් ආකාරයෙන් හොඳින් දක්ෂතා දක්වලා කණ්ඩායමේ ජයග්‍රහණයට ඒ දායකත්වය ලබාදෙන්න.
මේ වගේ හොඳ කණ්ඩායමක් ලකුණු 278 කට අපිට සීමා කරන්න අපිට පුළුවන් වුණා. අවාසනාවකට පිතිකරණයේදී අපිට ඒ දේ ළඟා කරගන්න බැරි වුණා. මම හිතනවා මීට වඩා හොඳ තරගයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා”
මෙහිදී තමාගේ වේගය අඩාල කර යවන පන්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලසිත් මාලිංග,
“ඒ පන්දුවලට මුහුණ දෙන්න අමාරුද කියලා අහන්න ඕන ප්‍රතිවාදී කණ්ඩායම්වලින්. මම කරන්නේ මම දන්න දේ. ඒ පන්දුවලට සමහරවිට කඩුලු එනවා. හැමෝම කියනවා මම ඒ පන්දුව හොඳින් යවනවා කියලා. නමුත් ඒ පන්දුවලට හයක් හතරක් ගැහුවොත් කියයි මම අයි.පී.එල්. ගිහිල්ලා මගේ පන්දුවලට පුරුදු වෙලා ඒක නිසා මට කඩුලු ගන්න බැරි වුණා කියලා. ඒකෙත් දෙපැත්තක් තියෙනවා. ඕන කෙනෙක්ට බලලා සාධාරණව හොඳ දෙයක් ලියන්න පුළුවන්'
දැක්වූ දක්ෂතා තුළින් තෙරීම් කමිටුවට පණිවුඩයක් දෙන්න උත්සහ කළාද? යන්න මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමට පිලිතුරු දුන් මාලිංග,
“එහෙම පණිවුඩයක් දෙන්න උත්සහ කළේ නැහැ. මම මගේ ක්‍රීඩා ජීවිතයේ තෙරීම් කමිටු ගණනාවක් සමග ක්‍රීඩා කරලා තියෙනවා. එක එක කාලවලට ඒ එන අයගේ තීරණ ඒ අයට ගන්න පුළුවන්. අපි ක්‍රීඩකයෙක් විතරයි. අපිට තියෙන්නේ අවස්ථාවක් ලැබුණොත් ක්‍රීඩා කරන්නයි. මම හිතනවා මට අවස්ථාවක් ලැබුණේ නැහැ වසර එකහමාරක්ම.
ආයෙත් මට අවස්ථාවක් ලැබුණා. මම කැනඩා ගිහින් සෙල්ලම් කළා. පළාත් තරග ක්‍රීඩා කරලා වැඩිම කඩුලුලාභියා වුණා. ඒක නිසයි මට අවස්ථාවක් ලැබුණේ. මට ලැබුණු අවස්ථාව පාවිච්චි කරලා මම බලන්නේ හැමවෙලේම කඩුලු ලබාගන්නයි. ඒ නිසා මම හිතනවා දෙවැනි එක්දින තරගයේදිත් මම සාර්ථක වුණා. මගේ ක්‍රීඩා ජීවිතයේ අන්තිම කාලේ යන නිසා මම උපරිම උත්සහ කරනවා තවත් කඩුලු ලබාගන්න” යැයි ප්‍රකාශ කලේය.
මීට අමතරව 2019 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම පිළිබඳව අදහස් දැක්වූ මාලිංග,
“මට ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ, මට පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක. මම බලාපොරොත්තු වෙනවා මහනුවර තියෙන ඊළඟ තරගයට කණ්ඩායම වෙනස් වෙන්නේ නැතිවේවි කියලා. ඒ තරගයේ හිටියොත් හොඳින් ක්‍රීඩා කරන්න අපේක්ෂා කරනවා” යැයි පැවසීය. දැන්ම විශ්‍රාම ගන්න මගේ අපේක්ෂාවක් නැහැ. ඒත් මට සමහර වෙලාවට හිතෙනවා මම හොඳින් ක්‍රීඩා කරමින් ඉන්න අවස්ථාවේ මට අවස්ථාවක් දෙන්නේ නැත්නම් මම කණ්ඩායමේ ඉන්න එකෙන් පළක් නැහැ කියලා.
ඉතින් ඒ අවස්ථාව දෙන්නේ නැත්නම් ඊට වඩා ලේසියි මම කණ්ඩායමෙන් ඉවත් වෙන එක. නමුත් මම මේ වෙලාවේ ඉන්නේ අවස්ථාව ලැබුණොත් ලෝක කුසලානය ක්‍රීඩා කරන්නයි. ඒක මගේ අවසන් ලෝක කුසලානය වේවි. ඒ අවස්ථාව බලපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ අවස්ථාව මට ලැබේවි කියලා”