පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධ තත්ත්වයන් වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩකයන් තිදෙනෙක් ඔස්ට්‍රේලියාව වෙත යොමුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 5ක් ආබාධයට ලක්ව ඇති අතර එයින් ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර හා ධනිෂ්ක ගුණතිලකට ලෝක කුසලානය අහිමි වී තිබේ. මීට අමතරව පැතුම් නිශ්ශංක හා ප්‍ර මෝද් මධුෂාන් ආබාධවලට ලක්ව ඇතැත් ඔහුගේ ආබාධ එතරම් දරුණු ඒවා නොවෙයි.
මේ අනුව මතීෂ පතිරණ, නිරෝෂන් දික්වැල්ල හා අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක් කිරීමේ අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත් කිරීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.