බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය මෙහෙයවීමේ අවස්ථාව බෙන් ස්ටෝක්ස්ට ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු එංගලන්ත ක්රිකට් නායක කෙවින් පීටර්සන් සඳහන් කර සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පීටර්සන්,
"මාගේ ක්රීඩා දිවියේ මම ගත කරපු අපහසුම කාලය තමයි නායකයෙකු ලෙස කටයුතු කරපු කාලය. ඒක හරිම අපහසු දෙයක්. ඔබ කණ්ඩායමේ නායකයා නම් ඔබට කණ්ඩායම වෙනුවෙන් වෙනස් වෙන්න සිදුවේවි. ඒ වගේම කණ්ඩායමේ සගයන්ගෙන් ඔබට සහාය ලැබෙන්නත් පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. මේ සියලු දේම ඔබේ දක්ෂතාවට ලොකු බලපෑමක් කරනවා. ඒ සඳහා හොඳම උදාහරණය මම" යැයි සඳහන් කළේය.