මොන යම් ආකාරයක තරග ක්‍රීඩා කළත් තරගයක් දිනවන්න නම් ලකුණු රැස්කිරීම අත්‍යවශ්‍ය බවත් තමන්ගේ න්‍යාය කෙසේ හෝ පන්දුවට වැරෙන් පහරදී ලකුණු රැස්කිරීම බවත් මේ වනවිට සැලසුම සාර්ථකවී ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි20 තරගය ජයගැනීමෙන් අනතුරුව ඊයේ (14දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙම තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේද ධනංජය ද සිල්වාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනංජය,
"මගේ පිතිකරණයේ රහස පුහුණුවීම් කරපු ආකාරයයි. අපි දැනගෙන හිටියා දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අපිට අභියෝගයක් වෙනවා කියලා. මම සහ දිනේෂ් චන්දිමාල් ගත්තාම දෙන්නම එක විදිහට පිතිකරණයේ යෙදෙන දෙන්නෙක්. ඉතින් අපේ සැලසුම වුණේ දෙන්නම ආරක්ෂාකාරී පියවර අනුගමනය කළොත් අපිට ලකුණු ලබාගන්න තියෙන වේගය වැඩි වෙනවා. එනිසා මම බැලුවේ ගහන්න පුළුවන් පන්දුවලට හතරේ ඒවා ගහන්න.
ලංකාවට ක්‍රීඩා කරද්දී හැමෝම කැමතියි ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 ක්‍රීඩා කරන්න. මමත් මට අවස්ථාවක් දුන්නොත් මේ හැම අංශයකින්ම දක්ෂතා දක්වනවා. මම මුලින් එක්දින සංචිතයේ හිටියේ නැහැ. එත් අතරමැද ලැබුණු අවස්ථාවෙන් කණ්ඩායම දිනවන්න පුළුවන් වුණා. පිට දඟපන්දු යවන්නෙක්ට පිතිකරණයේ නියැළෙන්න පුළුවන් වීම කණ්ඩායමක් සමබර කරන්න ගොඩාක් වැදගත් වෙනවා.
සාමාන්‍යයෙන් තරගාවලියට පෙර දැනුම් දෙනවා මෙම ස්ථානයේ තමයි පිතිකරණයේ නියැළෙන්න වෙන්නේ කියලා. ඉතින් මම මගේ ඔළුව හදාගෙන ඇවිත් ඒ ලැබෙන ස්ථානයේ ක්‍රීඩා කරනවා. සමහරුන්ට ඒ දේ කරන්න අමාරුයි. මටත් ටිකක් විතර ඒ දේ තියෙනවා. මම හිතනවා දැන් ඒ දේට මම පුරුදු වෙලා කියලා. මම පොඩිකාලේ ඉඳලම ක්‍රීඩා කලේ මුල් ස්ථාන තුන හතරේ. එහෙත් ලංකාවට ක්‍රීඩා කරද්දී මට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ ඉන් පහළ ස්ථානයක් නම් එතැනට හැඩගැහිලා ක්‍රීඩා කරන එක සුදුසුයි.
අපිට විස්සයි20 ක්‍රීඩා කරන්න ලැබුණු තණතිල්ලේ ලොකු වැරැද්දක් මම දකින්නේ නැහැ. මම හිතන්නේ එක්දින තරගවල ක්‍රීඩා කළාට වඩා පන්දුව ටිකක් හෙමින් ආවා. එහෙත් අපේ පන්දු යවන්නන් මුල ඉඳලම හොඳට පන්දු යැව්වා. අපිට පුළුවන් වුණා පවර් ප්ලේ එකේදී කඩුලු 04ක් දවාගන්න. එතකොට කණ්ඩායමක් කොහොමත් වැටෙනවා. මම හිතනවා අපේ හැරවුම් ලක්ෂ්‍ය එයයි කියලා.
මගේ තාත්තා මගේ හැම තරගයක්ම බලන්න ආවා. ඉතින් මට ගොඩාක් දුකයි එයා නැති එක ගැන මේ වගේ තරගාවලියකදී. මම හිතනවා මගේ තාත්තා මගේ දක්ෂතා කොහේහරි ඉඳලා බලාගෙන ඇති කියලා.
මොන අංශයක තරග ක්‍රීඩා කළත් තරගයක් දිනවන්න නම් ලකුණු ගහන්න ඕන. මේ මම සෙල්ලම් කරන විදිහ. මගේ න්‍යාය තමයි බෝලෙට ගහලා ලකුණු ගන්න එක. ඉතින් මට හිතෙනවා එක සාර්ථකයි කියලා.
මේ වනවිට අපේ ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 අංශ තුනේම කණ්ඩායම්වල ලොකු වෙනසක් වෙලා තියෙනවා. අපේ කණ්ඩායම ඒ ඒ අංශවලට අවශ්‍ය විදිහට ක්‍රීඩා කරනවා. මම හිතන්නේ මේ වනවිට අපේ තරග සැලසුම් හොඳින් ක්‍රියාත්මක වෙනවා.
මම මට ලැබෙන හැම අවස්ථාවෙන්ම ලකුණු අතරට ආවා. මම හිතන්නේ නැහැ හැම තරගයේදීම එකම විදිහට ක්‍රීඩා කරන්න පුළුවන් වේවි කියලා. කණ්ඩායමට එන හැමෝම බලන්නේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් හොඳට ක්‍රීඩා කරන්නයි. සමහර අයට පුළුවන් වෙනවා සමහර අයට බැරි වෙනවා. ඒක තමයි ක්‍රිකට් කියන්නේ. අපේ නැගීඑන කණ්ඩායමේ ක්‍රීඩකයන් වුනත් මේ වනවිට ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. ඕනෑම තරගයක් ලේසියට අරන් සෙල්ලම් කරන්න බෑ. අපි දැනටමත් බොහෝ සැලසුම් හදලා තියෙනවා. මම හිතනවා ඒවා අපි ක්‍රියාත්මක කළොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා" යැයි පවසා සිටියේය.