ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පස්වැනි විස්සයි20 තරගයේදී ජාත්‍යන්තර වරම් හිමිකරගත් ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් දෙපළ වන කමිල් මිෂාර හා ජනිත් ලියනගේ අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී යාම් දෙකකින් ආපසු ක්‍රීඩාගාරයට ගියේය.
කමිල් මිෂාර එක් ලකුණකටත් ජනිත් ලියනගේ ලකුණු 8කටත් දැවී ගියේය. ඔවුන් දෙදෙනාම දුවද්දී දැවීයාම්වලට ගොදුරු වන විට අනෙක්ත අන්තයේ සිටියේ කුසල් මෙන්ඩිස්ය.