ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍ර වේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අදාළ ලිපිය ඔහු විසින් ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඔහුගේ විශ්‍රාම ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය විසින් මේ දක්වා පිළිගෙන නොමැති බවද සඳහන් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෑතකදී හඳුන්වා දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවල පවතින ගැටලුවක් හේතුවෙන් මෙසේ භානුක ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි.
එම පරීක්ෂණවලින් සමත්වීම සඳහා තම ශාරීරික යෝග්‍යතාව සකස්කළ හොත් තම ප්‍ර වේගකාරී පිතිකරණයට බාධාවක් වෙනු ඇති බව භානුක සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.