ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියෙන් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
කිලෝමීටර් 2ක යෝග්‍යතා ධාවනය භානුක විසින් සම්පූර්ණ කර ඇතත් ස්කින්ෆොල්ඩ් පරීක්ෂණයෙන් ඔහු තවමත් නිසි මට්ටමට පැමිණ නොතිබීම හේතුවෙන් මෙසේ ඔහු ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර ඇති බවට වාර්තා වෙයි.
ඉන්දීය තරගාවලිය වෙනුවෙන් ජෛව ආරක්ෂක බුබුලට එක්කළ කණ්ඩායමට භානුක රාජපක්ෂද ඇතුළත් විය. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ශ්‍රී ලංකාවෙන් අලෙවි වූ එකම පිතිකරුවා වන්නේ භානුක රාජපක්ෂයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය පෙබරවාරි 24 දා පැවැත්වෙන විස්සයි2 තරගයෙන් ආරම්භ වන අතර එයට විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වෙයි.