ඇෆ්ගනිස්තානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් එරට ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන බිෂ්මිල්ලාහ් ජාන් ශින්වාරි මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගන් - පාකිස්තාන දේශසීමා මායිමට වන්නට පිහිටා ඇති නන්ගර්හාර් පළාතේ පෙරේදා (03දා) සිදු වූ මෙම මෝටර් රථ බෝම්බ ප්‍රහාරයෙන් ශින්වාරිට අමතරව තවත් පුද්ගලයන් 15දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර, 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
36 හැවිරිදි ශින්වාරි මිය යන විට එක්දින හා විස්සයි20 ජාත්‍යන්තර තරග 06ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබුණි. 2018 පැවති සිම්බාබ්වේ කණ්ඩායමේ ඇෆ්ගනිස්තාන විස්සයි20 හා එක්දින තරගාවලිය (එක්සත් අරාබියේ පැවති) ඔහු ජාත්‍යන්තර විනිසුරු දිවිය ආරම්භ කළ කුළුඳුල් තරගාවලිය විය.