බ්‍රිතාන්‍ය ටෙනිස් සංගමය හෙවත් ලෝන් ටෙනිස් සංගමය එරට පුහුණුකරුවන්, නිලධාරීන් සහ ක්‍රීඩකයින් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක ආධාර පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.
කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වය හේතුවෙන් රට තුළ තරග පැවැත්වීමට නොහැකි වීම නිසා අගතියට පත්වන ටෙනිස් ක්‍රීඩාංගණ, පුහුණුකරුවන්, නිලධාරීන් සහ ක්‍රීඩකයින්ට උපකාර කිරීම මෙහි අරමුණ වී ඇත.
එරට ටෙනිස් පාලක මණ්ඩලයෙන් දැනටමත් අරමුදල් නොලැබෙන සහ ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පසුවන පළමු ක්‍රීඩකයින් 100 දෙනා හැර අනෙකුත් ක්‍රීඩකයින් මෙය ලබාගැනීමට සුදුසුකම් ලබයි.
101ත් 750ත් අතර ශ්‍රේණිගත කිරීම්වල සිටින කේවල ක්‍රීඩකයින්ට සහ 101 සිට 250 දක්වා ද්විත්ව ක්‍රීඩකයින්ට ආධාර ප්‍රදාන ලබා ගත හැකි බව බ්‍රිතාන්‍ය ටෙනිස් සංගමය හෙවත් ලෝන් ටෙනිස් සංගමය පවසයි.
කොරෝනා වසංගතය තුළ ක්‍රියාශීලීව සිටීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා ටෙනිස් ඇට් හෝම් ව්‍යාපාරයක් දියත් කර ඇති බ්‍රිතාන්‍ය ටෙනිස් සංගමය ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 66 ක ආධාර සපයා ඇත.