සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවා 48.1ක දී සියලු දෙනා දැවී ලකුනු 246ක් රැස්කිරීමට සමත්විය.
බංග්ලාදේශ පළමු කඩුලු හකර ලකුණු 74කදී බිඳ වැටුණත් කඩුලු රකින ක්රීඩක මුෂ්ෆිකාර් රහීම් (125) හා මහමදුල්ලා (41) බංග්ලාදේශ ඉනිම ලකුණු 161ක් දක්වා රැගෙන ආවේය. මහමුදුල්ලාගේ දැවී යාමෙන් පසුව තරගයෙ පාලනය තමන් යටතට ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා ඇතිවිය. ශ්රී ලංකා වෙනුවෙන් පන්දු යැවීමෙන් ලක්ෂාන් සඳකැන් හා දුෂ්මන්ත චමීර කඩුලු තුන බැගින් දවා ගත්හ.