අන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම ශතක ලාබීන් අතර සම තෙවැනි ස්ථානය ලබාගැනීමට ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මාට අද තිබූ අවස්ථාවක් ගිලිහී ගියේය.
ඒ ශ්‍රී ලංකාව සමගින් පැවති පළමු එක්දින තරගයේදී ලකුණු 83 කට දැවී යාමත් සමගිනි. මේ වන විට අන්තර්ජාතික එක්දින ශතක 29 ක් රැස්කරගෙන ඇති ෂර්මා තවත් ශතකයක් රැස් කලේ නම් එක්දින පිටියේ වැඩිම ශතක ලාබීන් අතර සමතෙවැනි ස්ථානය හිමිකර ගැනීමට අවස්ථාවක් තිබිණ.
ඒ ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක රිකී පොන්ටින් සමගිනි. කෙසේ වෙතත් මෙම තරගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ෂර්මා පන්දු 67 කදී මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ අතර එයට හතරේ පහර 9 ක් හා හයේ පහර 3 ක් ඇතුලත්විය. ෂර්මා මේ වන විට එක්දින පිටියේ තෙවැනි වැඩිම හයේ පහර (259) ප්‍රමාණයක් එල්ල කළ ක්‍රීඩකයාද වේ. ඔහුට ඉදිරියෙන් පසුවන්නේ බ.ඉ.කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් (331) හා ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය (270) පමණි.
ඔහු පළමු කඩුල්ල සඳහා ෂුබ්මාන් ගිල් සමගින් එක්වී පන්දු 118 කදී ලකුණු 143 ක් රැස් කලේය.
අන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම ශතක ලාබීයා වන්නේ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ය.ඔහු ඉනිම් 452 කදී ශතක 49 ක් රැස් කරගෙන ඇති. මෙහි දෙවැනි ස්ථානය ඉන්දීයාවේම විරාත් කෝලිට හිමිවී ඇත. ඔහු ඉනිම් 257 කදී රැස් කරගෙන ඇති ශතක සංඛ්‍යාව 44කි.
පොන්ටින්
ෂර්මා