විසිවන සියවසේ බිහිවූ දක්ෂතම පාපන්දු ක්රීඩකයා ලෙසින් සැලකෙන පේලේගේ අභාවය හේතුවෙන් තෙදිනක ශෝක කාළයක් ප්රකාශයට පත්කිරීමට බ්රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ පියවර ගෙන ඇත.
ඒමෙන්ම බ්රසීලයේ සුප්රසිද්ධ ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ ප්රතිමාව (Christ the redeemer) බ්රසීල වර්ණය වන කහපාටින් සැරසීමටද බ්රසීල රජය විසින් පියවර ගෙන ඇත.
මීට අමතරව බ්රසීලයේ ප්රධානම පාපන්දු ක්රීඩාංගණය වන රියෝ ද ජැනෙයිරෝ නුවර මරකානා ක්රීඩාංගණයද බ්රසීල පාපන්දු වර්ණයන්ගෙන් සැරසීමට පියවර ගෙන ඇත.
පේලේගේ මරණය සැලවීමත් සමගම ඔහු අවසන්සුසුම් හෙලූ සාඔ් පෝලෝ හි ඇල්බර්ට් අයින්ස්ටයින් රෝහල ඉදිරියට පිරිස එක්රැස්වීමට පටන්ගෙන තිබිණ.
එමෙන්ම සාඔ් පෝලෝ හි පිහිටි ගොඩනැගිලි කිහිපයකම විදුලි ආලෝකය මගින් පේලේගේ මුහුණ සිත්තම් කිරිමට පියවර ගෙන තිබිණ.
මේ අතර මෙම පාපන්දු විශිෂ්ඨයාට අවසන් ගෞරවය පිරිනැමීමට එංගලන්තයද ක්රියා කර තිබූ අතර ඔවුන් ලන්ඩනයේ පිහිටි සුප්රසිද්ධ වෙම්බ්ලි ක්රීඩාංගණයේ තිබෙන ආරුක්කුව බ්රසීල වර්ණයන්ගෙන් සරසා තිබිණ.
82 හැවිරිදි පේලේ උදරයේ ඇතිවූ පිළිකා තත්වයක් හේතුවෙන් දැනට වසරක පමණ කාළයක සිට ප්රතිකාර ලැබූ අතර දැනට මාසයක පමණ කාළයක් එම තත්වය උත්සන්න වීමෙන් ඔහුට රෝහල්ගතව ප්රතිකාර ලැබීමට සිදුවිය.
බ්රසීලයේ ජනතාව පේලේ වෙනුවෙන් ගෞරව දක්වමින්
බ්රසීලයේ ගොඩනැගිලි පේලේගේ සිතුවම් වර්ණගැන්වී තිබූ අයුරු
වෙම්බ්ලි ක්රීඩාංගණයේ පේලේට ගෞරව දක්වා තිබූ අයුරු
බ්රසීලයේ ස්රප්රසිද්ධ ජේසුතුමාගේ ප්රතිමාව වර්ණ ගැන්වී තිබූ අයුරු