සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු අගමැතිගේ කණ්ඩායම අද (24දා) පැවැති පුහුණු විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.
ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 9 ක් දැවී ඉලක්කය සම්පූර්ණ කළේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී ලකුණු 130/8ක් රැස්කළේය.
එහිදී භානුක රාජපක්ෂ 28, ඕෂධ ප්‍රනාන්දු 38 හා වනිඳු හසරංග 25ක් ලෙස ලකුණු රැස්කළේය.
පිළිතුර ඉනිම ක්‍රීඩා කළ අගමැතිගේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකර ජේ, නීල්සන් පන්දු 50කදී ලකුණු 79ක් රැස්කමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය පාදම සකස් කළේය.
කෙසේ වෙතත් වෙනත් කිසිම පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව ඉක්මවා නොයෑමට අවස්ථාව නොලැබීය.
මෙම තරගයට මාලිංග තරග නොකළ අතර නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කළේය.