බ.ඉ.කොදෙව් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ මෙම කණ්ඩායම් දෙකේම යොවුන් ක්‍රීඩකයින් දෙපළක් පිළිබඳව වැඩි අවධානයක් ක්‍රිකට් පිටියේ යොමුවී ඇත.
ඒ කොදෙව් කණ්ඩායමේ ටැග්නාරීන් චන්ද්‍රපෝල් හා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තන්ඩෝ න්ටිනිය. විශේෂත්වය වන්නේ මීට දශක දෙකකට පමණ පෙර මොවුන් දෙදෙනාගේ පියවරුන්ද මේ ආකාරයටම එකිනෙකාට එරෙහිව පිටියේ තරග වැදීමයි.
අනූව දශකයේ සිට දෙදහසේ පළමු දශකය අවසානය දක්වා ක්‍රිකට් පිටියේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ ක්‍රීඩකයින් දෙපළක් ලෙසින් සැලකෙන බ.ඉ.කොදෙව් ක්‍රීඩක ශිවනරීන් චන්ද්‍රපෝල් හා දකුණු අප්‍රිකාවේ මකායා න්ටිනි පිළිවෙලින් ටැග්නාරීන් හා තන්ඩෝගේ පියවරුන් වෙති.
මෙය තවත් කැපී පෙනෙන්නේ වසර කිහිපයකට පෙර කොදෙව් කණ්ඩායමේ ලකුණු නැංගුරමක් ලෙස ක්‍රියා කළ ශිවනරීන් චන්ද්‍රපෝල්ගේ භූමිකාවට ඔහුගේ පුත්‍රයා වන ටැග්නාරීන්ද මේ වනවිට අවතීර්ණ වී සිටීමයි.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නෙකු ලෙස ක්‍රියා කළ මකායා න්ටින්ගේ භූමිකාවට තවමත් ජාත්‍යන්තර වරම් දිනානොමැති ඔහුගේ පුත්‍රයාද අවතීර්ණ වීමක් මෙම තරගයේදී දක්නට ලැබුනේ තරගය තුළ ඔහුගේ විශිෂ්ඨ දක්ෂතාද සමගිනි. මෙහිදී කොදෙව් ඉනිම් දෙකේදීම තාන්ඩෝගේ පන්දු හමුවේ ටැග්නාරීන් දැවී යාම විශේෂ සිදුවීමකි.
තන්ඩෝ න්ටිනි
ටැග්නාරීන් චන්ද්‍රපෝල්