එංගලන්තය 6 -1 පැනමාව
රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජී' කාණ්ඩය යටතේ ඊයේ (24දා) පැවැති තරගයකින් පැනමා කණ්ඩායම පරාජය කර ගෝල 6-1ක විශිෂ්ට ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් මුහුණදුන් තරග දෙකම ජයගත් එංගන්තයට, තවත් තරගයක් ඉතිරිව තිබියදීම පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ වටය) සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.
ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ මූලික වටයේ මුහුණදුන් තරග දෙකම එංගලන්තය ජයගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2006 හා 1982 වසරේදී ඔවුන් මෙම දස්කම දක්වා තිබේ. එමෙන්ම ප්‍රධාන පාපන්දු තරගාවලියකදී (ලෝක කුසලාන/ යුරෝපා කුසලාන) එංගලන්තය අත්කරගත් ඉහළම ජයග්රහණයද මෙය වෙයි.
මෙම තරගයේ පළමු අර්ධයේදීම එංගලන්තය ගෝල 05ක් වාර්තා කිරීමට සමත් වූ අතර, එවැනි දස්කම් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක වාර්තා වූ 05 වැනි අවස්ථාවදමෙයයි. පසුගිය ලෝක කුසලානයේ (2014) අවසන් පූර්ව වටයේදී බ්‍රසීලයට එරෙහිව ජර්මනියද මෙම දස්කම දැක්වීය.
ජපානය 2-2 සෙනගාලය
මේ අතර 'එච්' කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (24දා) රාත්‍රියේ පැවති ජපානය - සෙනගාලය තරගයේදී කණ්ඩායම් දෙකම ගෝල 2-2 බැගින් වාර්තා කිරීම හේතුවෙන් එම තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය. මේ වනවිට ජපානය කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇති අතර, සෙනගාලය එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.
මෙම කණ්ඩායම් දෙකම අපරාජිත වන අතර, එක් තරගය බැගින් ජයගෙන සිටියි. ආසියානු කලාපය නියෝජනය කරමින් මෙම තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් (ඉරානය, සෞදි අරාබිය, ඔස්ට්‍රේලියාව, ඉරානය) අතරින් ඉදිරියට පැමිණ ඇති එකම කණ්ඩායමද ජපානය වෙයි.