තමන් ක්‍රීඩා අමාත්‍යවරයා විදියට පූර්ණ කාලය කැප කරන්නෙ පාසල් ක්‍රීඩාව සංවර්ධනය කරන්න බවත් විශේෂයෙන්ම ක්‍රීඩකයො හැදෙන්නෙ බිම් මට්ටමින් බවත් ඒ සදහා අඩු වයසින් අපි ක්‍රීඩකයන් හඳුනාගත යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ හම්බන්තොට ආරම්භ කෙරුණු වෙරළ ක්‍රීඩා තරඟාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි
'' දැනට තිබෙන කොවිඩ් 19 වසංගතයත් එක්ක ලෝකයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරඟ අපිට නෑ. කවදා පටන්ගනීවිද කියන්නත් අපහසුයි. දැනට සිටින ජාතික මට්ටමේ ක්‍රීඩකයො අපි ඒ මට්ටමින් දියුණු කරගෙන යන අතරෙ අපි වැඩි ආයෝජනයක් කළ යුතුයි ඊළඟ අවුරුදු දෙක තුන ඇතුළත ජාතික තලයට ඒන ක්‍රීඩකයන්ට.
මොකද ලෝකයේ පදක්කම් දිනන්න පුළුවන් ක්‍රීඩා තරඟ පවතින්නෙ මෙම කොවිඩ් 19 වසංගතයේ අවසානයත් එක්ක. අපි එ සඳහා සූදානම් වෙන එක තමයි කළ යුත්තේ. අපි වැඩි අවධානයක් යොමු කරන්නෙ 2022න් පස්සෙ බිහිවන ක්‍රීඩකයන්ට අවශ්‍ය මූලික පහසුකම් ටික සපයන්න. ඉන් අපි අදහස් කරන්නෙ නෑ දැනට ජාතික මට්ටමේ සිටින ක්‍රීඩකයො අපි මගහරිනවා කියලා. ඔවුන්ටත් අවශ්‍ය පහසුකම් ද ලබා දෙන බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය ''