ආර්ජන්ටිනාවේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මිටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමි කරගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩසහටනක් ආරම්භ කර තිබේ.
ඇයට ලබා දෙන සුභග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යනතුරු මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එසේම අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් පසුව ඇයට මලල ක්‍රීඩා පිළිබඳව කෙන්යාවේ මාස 03 ක පුහුණුවක් ලබාදීමටත්, ලැප්ටොප් පරිගණකයක් ප්රදානය කිරීමත් මෙහිදී අමාත්‍යවරයා කටයුතු කළේය.