රටට ගෞරවය ගෙනදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව උපරිම ශක්තිය ලබා දීම සෑම රජයකම වගකීම බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් අද (26) දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතුඅමාත්යංීශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය.
මීට අමතරව පාරමී ක්‍රීඩිකාව පදිංචිව සිටින පුත්තලම පිහිටි නිවසේ අළුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් සෙවණ අරමුදලින් ලබා දී ඇති බවත් එහි අළුත්වැඩියා කටයුතු මේවන විට අවසන් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ විය.