පෘතුගාල පාපන්දු තරගයක් අතරතුරදී පාපන්දු ක්‍රීඩාවේ විනිසුරුවන් විසින් භාවිතා කරන රතු හා කහ කාඩ්පත් වලට අමතරව සුදු කාඩ්පතක් පෙන්වීම පිළිබඳ මාධ්‍යයන්හි දැඩි අවධානයට ලක්වී ඇත.
පෘතුගාල කාන්තා ක්‍රීඩා සමාජ පාපන්දු තරගයක් අතරතුරදී පිටියේ විනිසුරුවරිය විසින් මෙම සුදු කාඩ්පත පෙන්වීම ප්‍රේක්ෂකයින්ද පුදුමයට පත්කිරීමට සමත්ව ඇත.
කෙසේ වෙතත් කහ හා රතු කාඩ්පත් මෙන් නොව මෙය ක්‍රීඩකයින්ගේ විනය විරෝධී හැසිරීම නිසා පෙන්වූ දෙයක් නොව, ක්‍රීඩාවේ ජීවගුණය රැකීම වෙනුවෙන් පෙන්වූ දෙයක් වීම විශේෂත්වයකි.
පෘතුගාලයේ බෙන්ෆිකා කාන්තා කණ්ඩායම හා ස්පෝටින් ලිස්බන් කාන්තා කණ්ඩායම අතර තරගයේදී සිදුවූ මෙම සිද්ධියේදී තරගයේ අතිරේක ක්‍රීඩිකාවක් එක්වරම ක්ලාන්ත වී බිම ඇද වැටී ඇත.
එහිදී වහාම ක්‍රියාත්මක වූ කණ්ඩායම් දෙකේම වෛද්‍ය කණ්ඩායම් යුහුසුළුව ඇයට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත්වූයේ කණ්ඩායම් දෙකේ පිටිය තුළ ප්රතිවාදීකම් අමතක කරමිනි.
එම අවස්ථාවේ පිටියේ ජීවගුණය රැකීම හේතුවෙන් ඔවුන්ට උපහාරයක් ලෙස මෙම සුදුකාඩ්පත පෙන්වීමට තරගයේ විනිසුරුවරිය ක්‍රියා කලාය.
කෙසේ වෙතත් පාපන්දු ක්‍රීඩාවේ මෙවැනි සුදුකාඩ්පතක් භාවිතා කිරීම අනිවාර්යය නොවන අතර මීට පෙර එවැනි සිදුවීම්ද වාර්තා වී නොමැත. මෙම සුදුකාඩ්පතක් පෙන්වීම අනවශ්‍ය කාරණයක් බවද ඇතැම් පාපන්දු විචාරකයින් මේ සම්බන්ධයෙන් සිය අදහස දක්වා ඇත.