ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගය අතරතුරදී ප්‍රේක්ෂකයින් බියර් ඉල්ලා හඩනගන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලියේ ජනප්‍රිය වී ඇත.
තරගාවලියේ ඉක්වදෝරය හා සත්කාරක කටාරය අතර ඊයේ පැවති තරගය අතරතුරදී ඉක්වදෝර් ප්‍රේක්ෂකයින් ස්පාඤ්ඤ බසින් මෙලෙස හඩනගමින් පවසා ඇත්තේ ‘අපිට බියර් ඕන’ (Queremos cerveza) යනුවෙනි.
මෙම තරගයෙන් කටාර් පරදා ගෝල 2-0 ක පහසු ජයක් ඉක්වදෝරය හිමි කරගත්තේය.
මෙවර ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අවට මත්පැන් අලෙවි කිරිමට හෝ ක්‍රීඩාංගණ වලට මත්පැන් රැගෙන පැමිණීමට අවස්ථාව ලබා නොදීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) හා තරගාවලියේ සංවිධායකයින් එකඟ වී ඇත. ඒ මුස්ලිම් රාජ්‍යයක් වූ කටාරයේ මත්පැන් වෙනුවෙන් පවතින දැඩි නිතිරීති සලකා බලමිනි.
ඒ වෙනුවට කටාර් රාජ්‍යෙය් තැන තැන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් පිහිටුවා ඇති ස්ථානයන් හිදී ඔවුන්ට මත්පැන් සපයාගැනීමේ පහසුව සලසා ඇත.