අද ජාතික පුවත්පත හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව පවත්වනු ලැබූ 2018 පාපන්දු ලෝක කුසලානය දිනන්නේ කවුද? තරගයේ මෙවර පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය දිනාගන්නා බවට නම්කර අප වෙත යොමුකළ කූපන්පත් අතරින් ජයග්‍රාහකයන් තෝරාගැනීම විජය පුවත්පත් සමාගම් ශ්‍රවණාගාරයේදී අද (25දා) සිදු කෙරිණි.
ශ්‍රී ලංකා පාපන්දු සංමයේ සභාපති අනුර ද සිල්වා, ශ්‍රී ලංකා පාපන්දු විධායක කමිටු සමාජික එම්.එම්. රමීස්, විජය පුවත්පත් සමාගමේ සන්නාම හා ප්‍රවර්ධන සහකාර සාමාන්‍යාධිකාරි සුජිත් පතිරත්නැහැ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රාහකයන් තෝරාගැනීම මෙහිදී සිදු කෙරිණි.
මෙරට පුවත්පත් ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් තාක්ෂණයෙන් (Whats app, Viber, imo, facebook, gmail) සිදුකරනු ලැබූ මෙම තරගයේ පළමු ස්ථානය දොම්පේහි එච්.ඒ. නිමේෂ්ට හිමිවිය. දෙවැනි ස්ථානය කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාරට හා තෙවැනි ස්ථානය මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්නට හිමිවිය.
ඒ අනුව මෙහි පළමු හා දෙවැනි ස්ථාන සඳහා පිළිවෙලින් බ්‍රසීල ජර්සියක්, ජර්මානු ජර්සියක් හා පාපන්දුව බැගින් හිමිවේ. තෙවැනි ස්ථානය සඳහා ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් සහ පාපන්දුවක්ද, සෙසු 17 දෙනාට පාපන්දුව බැගින්ද ලබා දේ. ජයග්‍රාහකයන්ට ත්‍යාග ලබාදීම පාපන්දු සම්මේලනයේදී ඉදිරි දිනකදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.
තෝරාගත් ජයග්‍රාහකයන්
1 එච්.ඒ. නිමේෂ් (දොම්පේ), 2. එම්.ජී.ආර්. ගුණතිලක බණ්ඩාර (කෑගල්ල), 3. ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්න (මහනුවර), 4. නවිඳු ධනංජය (දංකොටුව), 5. කේ.ඩබ්. නිරෝෂි සකුන්තලා (අනුරාධපුරය), 6. ඩබ්.සී. ලක්මාල් (කුරුණෑගල), 7. එස්.වී. අංජන විදානගේ (මහනුවර), 8. ඩබ්.කේ. සංජය මධුෂාන් (තුන්මෝදර), 9. ඩබ්. නුවන් චාමර (හල්ලොළුව), 10 අසිත ජීවන්ත (කඩවත), 11. අරුණසිරි හපුතන්ත්‍රි (උණවටුන), 12. අරුණ අමරසිංහ (පන්නල), 13 ඉසුරු ජානක අලුත්ගේ (හොරණ), 14. ඒ.ආර්.එම්.කේ. රහුමාන්, 15. ඩී.එස්. දිසානායක (බුත්පිටිය), 16. නිරෝෂ පුබුදු ගුණවර්ධන (අකුරම්බොඩ), 17. අස්විද චාමිකර මධුසංක (රාගම), 18 උපුල් සිරිවර්ධන (කළුතර උතුර), 19 කේ.ඒ. සමුදිකා (උඩුගම්පොල), 20 එච්.එම්.සී.එම්. අධිකාරි (දෙහිවල)
ඡායාරූප - ශමීර රාජපක්ෂ