ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නායක මෙන්ම ප්‍රංශ පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨ නායකයෙකුද වන හියුගෝ ලෝරස් අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදීමට තීරණය කර ඇත.
ඒ ප්‍රංශය වෙනුවෙන් වසර 14 ක සිය සේවාකාළය අවසන් කරමිනි. සමුගැනීම සනිටුහන් කරන විට ලෝරස්, ප්‍රභල ප්‍රංශය වෙනුවෙන් එදා මෙදා තුර වැඩිම අන්තර්ජාතික තරග සංඛ්‍යාවකට එක්වූ ක්‍රීඩකයා බවට පත්වූයේ තරග 145 කට ක්‍රීඩා කරමිනි.
කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා ලෙස ක්‍රියා කළ ලෝරිස් තමන් ක්‍රීඩා කළ තරග 118 කදී කණ්ඩායම මෙහෙයවීමට සමත්වීම කැපී පෙණින. ඒ අනුව ඔහු ප්‍රංශය වෙනුවෙන් වැඩිම අන්තර්ජාතික තරග සංඛ්‍යාවක් නායකත්වය දැරූ ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසගතවිය.
එමෙන්ම ප්‍රංශය 2018 වර්ෂයේ ලෝක කුසලාන ජයග්‍රහණය කරා ගෙනගිය ලෝරස් මෙවර ලෝක කුසලානයේදී අනුශූරතාව කරා ගෙන ගිය නායකයා ලෙසින්ද ඉතිහාස ගතවිය.
ඒ අනුව ප්‍රංශය, ලෝක කුසලාන ද්විත්වයක අවසන්මහා තරගකරා රැගෙන ගිය එකම නායකයා ලෙසින්ද ලෝරස් සිය නාමය සනිටුහන් කර ගැනීමට සමත්විය.
2018 ලෝක කුසලාන අවසන්මහා තරගයේදී ප්‍රංශය ක්‍රොයේෂියාව ගෝල 4-2 ක් ලෙස පරදමින් ශූරතාව දිනා ගත් අතර මෙවර ලෝක කුසලාන අවසන්මහා තරගය්දී තියුනු තරගයකින් අනතුරුව ආර්ජන්ටිනාව හමුවේ දඩුවම් පහර 4-2 ක පරාජයක් ප්‍රංශයට හිමිවිය.
2008 වර්ෂයේදී ස්පාඤ්ඤයට එරෙහිව අන්තර්ජාතික වරම් දිනා ගත් ලෝරස්, 2010, 2014 , 2018 හා 2022 යන ලෝක කුසලාන තරගාවලි 4 ටම ක්‍රීඩා කළ අතර ඉන් අවසන් ලෝක කුසලාන තුනේදීම ප්‍රංශය මෙහෙයවූයේ ඔහුවිසිනි.