පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන්මහා තරගයට ආර්ජන්ටිනාව සුදුසුකම් ලැබීමත් සමගින් ආර්ජන්ටිනාවේ අගනගරය වූ බුවනෝස් අයර්ස් වෙතට විශාල ජනගංගාවන් ඇදී ඒමට පටන්ගෙන ඇත.
මේ සමගින් අගනගරය අතුරු සිදුරු නැතිව පිරීයන ආකාරයක් ඡායාරූපයන්හි දක්නට ඇත. පාපන්දු උන්මාදයෙන් පෙලෙන ප්රේක්ෂකයින්ගෙන් සමන්විත දකුනු ඇමරිකාවේ එම උන්මාදය වැඩිම රටවල් අතරින් එකක් වන ආර්ජන්ටිනාව මෙවර තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලැබුවේ එතෙක් තරගාවලියේ අපරාජිත මෙන්ම බ්රසීලයද අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත් කළ ක්රොයේෂියාවද පරාජය කරමින් වීම විශේෂත්වයකි. ඒ ගෝල 3-0 ක් ලෙස පහසු ජයකිනි.
මේ අතර තරගයට පෙර සිටම බුවනෝස් අයර්ස් අගනුවර වෙත රැස්ව සිටි පිරිස කුල්මත් කිරීම සඳහා ආර්ජන්ටිනා නායක හා සුපිරි ක්රීඩක ලයනල් මෙසීගේ අංක 10 ජර්සියෙහි විශාල අනුරුවක් රැගත් හෙලිකොප්ටරයක් ඔහුගේ උපන්ගම වූ රොසයිරෝ අහසේ පියාසර කිරීමට බලධාරීන් ක්රියා කර තිබිණ.
ආර්ජන්ටිනාව අවසන්මහා තරගයට ගෙන ඒමට විශාල කාර්යභාරයක් සිදුකළ මෙසී ආර්ජන්ටිනාව සහභාගි වූ තරග 5 න් 4 කම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත්විය.