ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරු උස්මාන් කවාජාට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සඳහා වීසා ලැබීම පමා වී ඇති බව වාර්තා වේ.
එළඹෙන පෙබරවාරි 9 වැනිදා ආරම්භවීමට නියමිත තරග 4 කින් සමන්විත මෙම තරගාවලියට කවාජා හැරෙන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අනෙකුත් සියළුම සාමාජිකයන්ට පාහේ වීසා ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම දැනටමත් ඔවුන්ගෙන් කොටසක් ඉන්දීයාවට පැමිණ ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් කවාජ සිය ට්විටර් ගිණුමේද දක්වා ඇත්තේ තමන්ට තවමත් ඉන්දීය වීසා ලැබී නොමැති බවයි.
ඒ අනුව ඔහුගේ ඉන්දීය ගමන තවදුරටත් පමාවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කවාජා මීට පෙර ඉන්දීයාවට සංචාරය කර තිබුණත් ඔහුගේ කණ්ඩායම් සගයින්ට සාපේක්ෂව මෙවර ඔහුට වීසා පමාකිරීම බොහෝ පාර්ශවයන්ට ගැටළුවක් වී ඇත.
විශේෂයෙන් කවාජා පාකිස්ථානයේ උපත ලැබූවෙකු වීමද මෙම ගැටළුවට මූලක හේතුවක් ලෙස ඇතැමෙකු දක්වා ඇත. වසර ගණනාවක සිට පවතින ඉන්දීය- පාකිස්ථාන ගැටළු නිසා ඉන්දියාව හිතාමතාම කවාජාගේ වීසා පමාකරන බව ඇතැම් පාර්ශවයන්ගේ මතයයි.
36 හැවිරිදි කවාජා ආසියානු තණනිලි වලදී පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදෙන පිතිකරුවෙකු ලෙසින් ප්රකටය. සිය රිද්මයේ තවදුරටත් හොදින් රැඳී සිටින කවාජා පසුගිය (2022) වර්ෂයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා බවට පත්වූයේ ඉනිම් 20 කදී ශතක 4 ක් හා අර්ධ ශතක 5 ක් සහිතව ලකුණු 1080 ක් වාර්තා කරමිනි. ඔහු එහිදී වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා සම්මානද හිමිකර ගත්තේය.