සංචාරක ශ්රී ලංකාව සමගින් කරච්චි හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින පාකිස්ථානය තෙවැනි දිනය අද (20දා) නිමා වද්දී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 57 ක් ලබා සිටියි. ඒ අනුව ඔවුන් ශ්රී ලංකා පළමු ඉනිමට වඩා කඩුළු 10 ක් අතැතිව තවත් ලකුණු 23 ක් පසුපසින් සිටියි. පාකිස්ථානය දෙවැනි ඉනිම ආරම්බ කරමින් පිටියට පැමිණි ආබිඩ් අලි ලකුණු ලකුණු 32 ක්ද ෂාන් මසූඩ් ලකුනු 21 ක්ද රැස් කරගෙන සිටියි. පාකිස්ථානය සිය පළමු ඉනිමට ලකුණු 191 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්රි ලංකාව ලකුණු 271 ක් රැස් කලේය
ශ්රී ලංකාව පළමු ඉනිමට 271
සත්කාරක පාකිස්ථානය සමගින් කරච්චි හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී ශ්රි ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 271 ක් රැස් කළහ. ශ්රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසින් දිල්රුවන් පෙරේරා ලකුණු 48 කට දැවී ගියේය ෂහීන් ෂා අෆ්රිඩි ගේ පන්දුවක් හමුවේදීය. ළහිිරු කුමාරටද අද දිනයේ කිසිදු ලකුණක් ලබා ගැනිමට ෂහී්න් ෂා ගේ පන්දු හමුවේ ඉඩක් නොලැබිණි. නොදැවී කඩුලලේ රැඳී සිටි විශ්ව ප්රනාන්දු ලකුණු 5 ක් ලබා සිටියි.
ශ්රී ලංකා ලකුණු පුවරුව
ඕෂධ ප්රනාන්දු - 4
දිමුත් කරුණාරත්න - 25
කුසල් මෙන්ඩිස් - 13
ඇන්ජලෝ මැතිව්ස් - 13
ලසිත් ඇඹුල්දෙණිය - 13
දිනේෂ් චන්දිමාල් - 74
ධනංජය ද සිල්වා - 32
නිරෝෂන් දි්ක්වැල්ල - 21
දිල්රුවන් පෙරේරා - 48
විශ්ව ප්රනාන්දු - 5*
ළහිරු කුමාර - 0
තේ පානය වන විට ශ්රී ලංකාව ලකුණු 250 සීමාවට - චන්දිමාල්ගෙන් අර්ධ ශතකයක්
සත්කාරක පාකිස්ථානය සමගින් කරච්චි හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රිී ලංකාව දෙවැනි දිනයේ තේපානය වෙනුවනේ තරගය නතර කරන විටදී කඩුළු 8 කට ලකුණු 251 ක් ලබා සිටියහ. ශ්රී ලංකා ඉනිම ඔසවා තැබීමට දැවැන්ත ඉනිමක් දියත් කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 74 ක් රැස් කෙල් සිය ටෙස්ට් දිවියේ 18 වැනි අර්ධ ශතකය වාර්තා කරමිනි. නිරෝෂන් දික්වැල්ල ලකුනු 21 ක් රැස් කලේය. නොදැවී පන්දුවට පහරදෙන දිල්රුවන් පෙරේරා ලකුණු 35 ක්ද විශ්ව ප්රනාන්දු ලකුනු නොලබාද කඩුල්ලේ රැඳි සිටියි.
දිවා ආහාරය වන විට ශ්රී ලංකාව තවත් ලකුණු 21 ක් පසුපසින්
සත්කාරක පාකිස්ථානය සමගින් කරච්චි හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රිී ලංකාව දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විටදී කඩුළු 6 ක් දැවී ලකුනු 170 ක් ලබා සිටියහ. කඩුළු 3 කට ලකුණු 64 ක් ලබා දිනය ආරම්භ කළ ශ්රී ලංකා ඉනිමේ දිනයේ පළමු කඩුල්ල ලෙස ළසිත් ඇඹුල්දෙණිය මොහොමඩ් අබ්බාස්ගේ පන්දුවක් හමුවේ ලකුනු 13 කට දැවීගියේ මුළු ලකුණු 78 දීය. අනතුරුව ලකුණු 13 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස්ද දවා ගැනීමට ෂාහින් ෂා අෆ්රිඩි සමත්විය. කෙසේ වෙතත් ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල් සමගින් පිටියේ එක්වූ ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුනු 67 ක සබඳතාවක් පැවැත්වීය ෂාහින් ෂා ගේ පන්දුවක් හමුවේ ධනංජයද ලකුනු 32 කට දැවී ගියේය. ඒ අනුව ශ්රී ලංකාව පාකිස්ථාන පළමු ඉනිමට වඩා කඩුළු 4 ක් අතැතිව තවත් ලකුනු 21 ක් පසුපසින් සිටියි.
ෂාහින් ධනංජයගේ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව
ඡායාරූප- ඕෂිත වරකපිටිය