ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 279කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට තරගයේ ජයග්රහණය සඳහා ලකුණු 131ක පහසු ඉලක්කයක් හිමිවිය.
තරගයේ පළමු ඉනිමේදී ශ්රී ලංකාව ලකුණු 312ට සීමා වූ අතර එයට පිළිතුරු ලෙස පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 461ක් රැස් කළේය. ශ්රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීත් සාර්ථක වූ පිතිකරුවා බවට පත්වූ ධනංජයද සිල්වා ලකුණු 82ක් රැස්කිරීමට සමත්විය.