පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පන්දුවාර20 හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩකයන් එක්නොවීමට ගත් තිරණය පසුපස ඉන්දියාව සිටින බවට වාර්තාවන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතැම් ක්‍රීඩකයන් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළේ 2009 වසරේදී ඇතිවූ ත්රස්තප්රහාරය නිසා බවයි.
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පාකිස්තානයේ ක්‍රීඩා නොකිරිමට ගත් තීරණය පසුපස ඉන්දියාව සිටින බවට පාකිස්තානයෙන් චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳව පැහැදිලි කිරිමක් කරමින් අමාත්‍යවරයා මේ බව පවසයි.
පාකිස්තානයේ තරග කිරීමට කැමැත්තක් දක්වන ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම තෝරා ගන්නා බවත් ඒ අනුව ශක්තිමත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සිටින බවත් ඔවුන්ට පාකිස්තානය පාකිස්තානයේදී පරාජය කිරීමට හැකියාවක් ඇති බවත් අමාත්‍යරයා වැඩිදුරටත් පවසයි.
පාකිස්තාන සංචාරයට ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයන් 10ක් එක්නොවීමට තිරණය කර තිබේ.