පාකිස්තාන තරග සංචාරයක් සදහා එරටට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.
පාකිස්තානයට පැමිණීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදීයි ඒ බව තහවුරු වී ඇත.
එම ක්‍රීඩකයින් මේ වන විට හුදෙකලා කර තැබීමට කටයුතු කර ඇති බව කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇත්තේ ශෙල්ඩන් කොට්‍රෙල්, රොස්ටන් චේස්, ක්යිල් මේයර්ස් යන ක්‍රීඩකයින්ටයි.
ඔවුන්ට අමතරව කණ්ඩායම් කළමණාකාරීත්වයට සම්බන්ධ සාමාජිකයෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී තිබේ.
මෙම තරග සංචාරයේ දී කොදෙව්වන් හා පාකිස්තානය අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
පළමු 20-20 තරගය හෙට(13) කරච්චි හී දී පැවැත්වීමට නියමිතව තිබේ.