සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස ක්රිකට් තරගයෙන් කඩුලු 09ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 91ක් රැස් කළේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 10යි එක් පන්දුවක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 92ක් ලබා ගණිමින් තරගය ජයග්රහණය කළේය.