පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් තියුණු ලෙස පරාජයට පත් කරමින් ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ලෙසින් මෙම තරගය පැවැතියේය. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 122/6ක් රැස් කිරීමට සමත්වූයේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 121/6ක් රැස් කළේය.
තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට පාකිස්තානයට ලකුණු 3 ක් අවශ්‍ය වුවත් පාකිස්තාන ක්‍රීඩිකාවන්ට රැස් කළ හැකිවූයේ එක් ලකුණක් පමණි. තවත් එක් ලකුණක් රැස් කළේ නම් තරගය සම සමව නිම වීමට හැකියාව පැවැතියේය.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අවසන් මහ තරගය 15 දා පැවැත්වීමට නියමිතය.