එංගලන්ත ප්‍රිමියර් ලීග් කණ්ඩායම් පුහුණුවේ පළමු අදියර ආරම්භ කරන විට ගැටුම් තහනම් කිරීම ('ටැකල්' තහනම් කිරීම), තණතීරු විෂබීජහරණය කිරීම සහ ක්‍රීඩකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම්වලට සීමා කිරීම යන නව නීති සමග ක්‍රීඩා කිරීමට යෝජනා කර තිබේ.
ක්‍රීඩකයන් සහ කළමනාකරුවන් වෙත යැවූ නිල කෙටුම්පත්වල මේ පිළිබඳව පැහැදිලිව කරුණු දක්වා ඇති අතර, මෙමගින් සමාජ දුරස්ථභාවය ඇති කිරීම සහ ආරක්ෂා කිරීම අපේක්ෂාව වී තිබේ.
එමෙන්ම එක් එක් සැසිවාරයෙන් අනතුරුව පැති කණු, සංඥා, කොඩි, පන්දු, කේතු, ගෝල් පෝස්ට් සහ ක්‍රීඩා කරන ස්ථාන (Corner-flags, balls, cones, goalposts and even playing surfaces) පවා විෂබීජහරණය කිරීමටද පියවර ගෙන තිබේ. එමෙන්ම එක් පුහුණුවක් මිනිත්තු 75කට සීමා කිරීමටද සංවිධායකයන් විසින් පියවර ගෙන තිබේ.
මෙහිදී දැඩි සෞඛ්යාරක්ෂක ක්‍රමවේද මත ක්‍රීඩා කිරීමට නියෝග කර ඇත්තේ යුරෝපය පුරා තවමත් කෝවිඩ් -19 වසංගත තත්ත්වය පහව ගොස් නොමැති බැවිණි.
ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට දැනට ක්‍රියාත්මක වන නිරීක්ෂණ ක්‍රියාමාර්ගවලට අනුව සතියකට දෙවරක් පරීක්ෂා කිරීම, දිනපතා පූර්ව පුහුණු ප්‍රශ්නාවලියක් සහ උෂ්ණත්ව පරීක්ෂාවක් ඇතුළත් කර තිබේ.
සෞඛ්‍ය පරීක්ෂාව යටතේ ක්‍රීඩකයන්ට කෝවිඩ් -19 පරීක්ෂණ පිළිබඳ මධ්‍යම ලේඛනයක් ඔවුන්ගේ කැමැත්තට හා වෘත්තීය පාපන්දු සංගමයේ ගිවිසුමට යටත්ව පවත්වා ගෙන යා යුතු බව දන්වා තිබේ.
දැඩි නීති රීති යටතේ පුහුණු භූමියට හා ඉන් පිටතට කිසිවෙකු සමග ප්‍රවාහනය කළ නොහැකි බව මෙහිදී ක්‍රීඩකයන්ට දන්වා තිබෙන අතර, වාහන අභ්‍යන්තරය නිතිපතා පිරිසුදු කිරීමටත්, කණ්ඩායම් වාහන සහ පොදු ප්‍රවාහනය භාවිත නොකළ යුතු බවටත් දන්වා තිබේ.