සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය. ඇඩිලේඩ්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිම පන්දුවාර 19.2 කදී ලකුණු 117 කට සීමා විය. සිකන්දර් රාසා පන්දු 24 කදී ලකුණු 40 ක් රැස් කලේය. පන්දු යැවීමේදීි පෝල් වැන් ඩි මේක්රේන් කඩුළු 3 ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ නෙදර්ලන්ත ක්රීඩකයින් පන්දුවාර 18 කදී ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය. මැක්ස් අඩවුඩ් ලකුනු 52 ක් එහිදී රැස්කිරීමට සමත්විය.
මෙම පරාජයත් සමගින් දෙවැනි කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සිම්බාබ්වේට තිබූ අවස්ථාව ඇහිරී ගියේය. ඔවුන් ඒ අනුව ඔවුන් සිව්වැනි ස්ථානයේ රැඳී සිටියි.