ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන්පූර්ව තරගයේදී මොරොක්කෝව ගෝල 2-0 ක් ලෙස පරාජය කිරීමට පසුගියවර ශූර ප්‍රංශය සමත්විය. මෙම තරගය අල් බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීනි.
තරගයේ පළමු මිනිත්තු 5 තුළදීම මොරොක්කෝ ප්රභළ පසුපෙළ ආරක්ෂණය බිඳ දමමින් දැල ආක්‍රමණය කිරීමට ප්‍රංශය සමත්වූහ. එහිදී පසුපෙළ ක්‍රීඩක තියෝ හර්නැන්ඩේස් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ප්‍රංශයට හිමිකර දුන්නේය.
තරගාවලියේ අවසන්පූර්ව තරගය දක්වාම පැමිණි මොරොක්කෝවට එරෙහිව මෙවර ලෝක කුසලානයේදී ප්‍රතිවාදී කණ්ඩායමක් රැස් කළ පළමු ගෝලය ලෙස මෙය වාර්තා අතරට එක්විය.
තරගාවලියේ අවසන්පූර්ව වටය දක්වාම අපරාජිතයින් වූ මොරොක්කෝවට කැනඩාව හැර අනෙක් කිසිදු කණ්ඩායමක් ගෝල වාර්තාකර නොතිබිණි.
කැනඩාවටද වාර්තා වූ ගෝලය, මොරොක්කෝ පසුපෙළ ක්‍රීඩක නයේෆ් අගුඒ්ඩ් විසින් වැරදීමකින් සිය දැල තුලට ගෝලය යැවීමෙන් වාර්තා වූ ගෝලයකි.
ඒ් අනුව පළමු අර්ධය නිමාවූයේ ගෝල 1-0 ක් ලෙස ප්‍රංශය ඉදිරියෙන් පසුවෙමිනි.
දෙවැනි අර්ධයේදී ප්‍රංශ දැල ආක්‍රමණය කිරීමට මොරොක්කෝ ඉදිරිපෙළ හා මැදපෙළ ක්‍රීඩකයින් දැඩි වෙහෙසක් ගත්තද ප්‍රංශ දැඩි ආරක්ෂණය නිසා ඒය ව්‍යර්ථ විය.
ඒහිදී ප්‍රංශ සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක කයිලියන් එම්බපේ විසින් ගෙන එන ලද පන්දුව සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කිරිමට අතිරේක මැදපෙළ ක්‍රීඩක කෝලෝ මුවානි සමත්විය.
ඒවිට ඔහු ක්‍රීඩා පිටියට පැමිණ ගතවී තිබුනේ තත්පර 44 ක් පමණක් වීම විශේෂත්වයකි. ඒය කෝලෝ මුවානි විසින් වාර්තාකළ පළමු අන්තර්ජාතික ගෝලය මෙන්ම අතිරේක ක්‍රීඩකයෙකු විසින් ලෝක කුසලාන පාපන්දු තරගයකදී වාර්තා කළ තෙවැනි වේගවත්ම ගෝලය විය.
ඒ අනුව පසුගියවර තරගාවලියේ ශූරයින් වූ ප්‍රංශය අඛණ්ඩය දෙවැනි වරටද අවසන්මහා තරගයට සුදුසුකම් ලැබීය.
මේ අතර මෙම තරගයේදී මොරොක්කෝවේ පරාජයත් සමගින් මෙවර ලෝක කුසලානයේ සියළු කණ්ඩායම් එකදු තරගයක් හෝ පරාජයට පත්වී තිබීම විශේෂත්වයකි.
අවසන් පූර්ව වටයට පැමිණෙන විට ක්‍රොයේෂියාව හා මොරොක්කෝව අපරාජිතයින් ලෙසින් පැමිණියත් ඔවුන් දෙපාර්ශවයටම අවසන්පූර්ව වටයෙන් ඉවත්වීමට සිදුවිය.
අවසන්මහා තරගයට සුදුසුකම් ලැබූ ප්‍රංශය මූලික වටයේදී ටියුනීසියාව හමුවේද ගෝල 1-0), ආර්ජන්ටිනාව මූලික වටයේ පළමු තරගයේදීම සෞදි අරාබිය හමුවේද (ගෝල 2-1) පරාජයට පත්වූහ.