ලොව වඩාත්ම ජනප්‍රියත්වයට පත් පාපැදි සවාරිය ලෙසින් හැඳින්වන ප්‍රංශ පාපැදි සවාරිය එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට සංවිධායකයින් තීරණය කොට ඇත. ඒ එය පැවැත්විමට නියමිතව තිබූ කාළ සීමාව මාස දෙකකින් පසුපසට දමමිනි. ඒ අනුව තරගාවලිය එළඹෙන අගෝස්තු 29 වැනිදා ආරම්භ වීමට මේ වන විට තීරණය කර ඇතත්, ලොව පුරා සෞඛ්‍ය තත්වය මත ඉදිරියේදී පාපැදි සවාරිය තීරණය කරගත් දිනට නිශ්චිතවම පවත්වනවාද නැද්ද යන්න තීරණය වනු ඇත.
කෙසේ වෙතත් තරගාවලිය මෙම වර්ෂයේ අගෝස්තු 29 වැනිදා ප්‍රංශයේදී ආරම්භ කිරීමට මූලිකවම දින නියම වුවද කෝවිඩ්-19 (නව කොරෝනා වෛරසය) වෛරසයෙන් බැටකන ප්‍රංශය තුළ මිනිසුන් එක් රැස්වෙන තරග ඉසව් එළඹෙන ජූලි මස මැද දක්වා කල් දැමීමට එරට ජනාධිපති එමානුවෙන් මැක්රොන් පසුගියදා තීරණය කළේය.
අදියර 21 කින් සමන්විත ප්‍රංශ පාපැදි සවාරියේ මෙවර පැවැත්වීමට නියමිතව තිබුනේ 107 වැනි අදියරයි.