පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්‍රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්ලියන් එම්බාපේ සමත්විය.
ඊයේ පැවැති අවසන් තරගයේදී ඔහු ගෝලයක් වාර්තා කළ අතර එදිනට ඔහුගේ වයස අවුරුදු 19 දින 207ක් විය. ප්ලේ 1958 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ගෝලයක් වාර්තා කරන විට වයස අවුරුදු 17 දින 249ක් විය.
මෙවර තරගාවලියේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේද එම්බාපේය.
තරගයේ විශේෂිත අවස්ථා
ප්‍රංශ කණ්ඩායමේ කළමණාකරු ඩෙස්චෑම්ප් ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම කළමණාකරුවෙක් ලෙස ලෝක කුසලානයක් දිනූ තෙවැන්නා විය.
1970 වසරේදී බ්‍රසීලය ඉතාලිය පරජය කරමින් ලෝක කුසලානය දිනාගැනීමේදී ගෝල 4ක් (4-2) වාර්තා කළ අතර ඉන් පසුව ලෝක කුසලාන අවසන් මහ තරගයෙදී ගෝල හතරක් වාර්තා කළ කණ්ඩායම ප්‍රංශය බවට පත්විය (4-2).
ක්‍රොඒෂියා කණ්ඩායමේ මැන්ඩ්සුකිච් ලෝක කුසලාන අවසන් මහ තරගයදී ඕන් ගෝලයක් වර්තා කළ එකම ක්‍රිඩකයා බවට වාර්තා අතරට එක්විය.