කෝවිඩ්-19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් අතරමඟ නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ සහ පලඟ ශූරතා වටයේ තරග ඊයේ (10දා) ආරම්භ වූ අතර, එහි ශූරතාව වෙනුවෙන් සුපිරි අට වටයේ තරග 04ක් ඊයේ පැවිත්විණි.
කෝවිඩ්-19 වෛරසය හේතුවෙන් ක්‍රිකට් තරගද දින නියමයක් නොමැතිව කල් දමා තිබුණු අතර, එම බලපෑමෙන් පසු මෙරට ආරම්භ වූ පළමු ක්‍රිකට් තරග ඉසව්ව මෙය වේ. මෙම තරග (සුපිරි අට) මේ මස 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සෞඛ්‍ය අංශය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වා දෙන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ උපදෙස් මාලාවක් යටතේ මෙම තරග පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
සී.සී.සී. - රාගම
සී.සී.සී. කණ්ඩායම සහ රාගම කණ්ඩායම අතර තරගය හලාවත නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. රාගම කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සී.සී.සී. කණ්ඩායම පළමු දිනය අවසන තරගය නතර කරන විට කඩුලු 04කට ලකුණු 353ක් (පන්දුවාර 86) රැස්කරගෙන සිටියේය.
සී.සී.සී. ඉනිම ඔසවා තැබූ නායක කුසල් මෙන්ඩිස් අගනා ශතකයක් (132) රැස් කළ අතර, වනිඳු හසරංග (නොදැවී 51), මිනෝද් භානුක (88) සහ අශාන් ප්‍රියන්ජන් (58) අර්ධ ශතක රැස් කළහ.