සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක කොදෙව් කණ්ඩායම අතර කොදෙව්හි පැවැත්වෙන තෙවැනි හා අවසන් තීරණාත්මක දිවා රාත්රි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින කොදෙව් කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට ලකුණු 132ක් රැස්කරගෙන සිටියේ කඩුලු 5ක් වැයකරමිනි.
කෙසේ වෙතත් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර ඒ හේතුවෙන් යොමු කිරීමට හැකිවූයේ 46.3ක් පමණි. කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 53ක් තුළ දැවී ගියේය.
නමුත් හය වැනි කඩුල්ල වෙනුවෙන් ෂේන් ඩොව්රිච් (60), ජේසන් හෝල්ඩර් (33) නොදැවී ලකුණු 79ක සබඳතාවක් පැවත්වීමට සමත්වූහ. මෙම තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුරංග ලක්මාල් විසින් දරණ අතර ඔහු කඩුලු දෙකක් දවා ගැනීමටත් සමත්විය.
ඊට අමතරව කසුන් රාජිත කඩුලු දෙකක් හා ළහිරු කුමාර එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූහ.