සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු වැනි එක්දින තරගයෙන් ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද (29දා) සමත්විය.
දඹුල්ලේ පැවැති තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 193ක් පමණි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජේ.පී. දුමිනි නොදැවී ලකුණු 53ක් රැස්කිරීමට සමත්විය. 2004 වසරේදී දුමිනි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ජාත්‍යන්තර වරම් හිමිකර ගත් අතර ඉන් අනතුරුව ඔහු දඹුල්ලේ ක්‍රීඩා කළ පළමු තරගය මෙය විය.
වසර 14කට පසුව දකුණු අප්‍රිකාව දඹුල්ලේ තරගයකට ක්‍රීඩා කරනු ලැබීය. දුමිනිට අමතරව ක්යින්ටන් ඩි කොක් (47), ෆෆ් ඩුප්ලෙසි (47) පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ අකිල ධනංජය ලකුණු 50ට කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.
ඡායාරූපය - ශාන්ත රත්නායක