බ.ඉ.කොදෙව් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් හි නව නායකයින් ලෙසින් ෂේ හෝප් හා රොව්මාන් පවෙල් පත්කොට ඇත.
ඒ මෙම අංශ ද්විත්වයේම නායකයා ලෙසින් කටයුතු කළ නිකලස් පූරාන් පසුගිය නොවැම්බර් මාසයෙන් පසු සිය තනතුරින් ඉවත්වීම හේතුවෙනි.
පසුගිය නොවැම්බර් මාසයේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේදී කොදෙව්වන් දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් ඔවුන්ට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවූ අතර මේ හේතුවෙන් පූරාන් සිය ධූරයෙන්ද ඉවත්වීමට තීරණය කලේය.
නව නායකයින් වන හෝප් හා පවෙල් දෙදෙනාම පූරාන් යටතේ උපනායකයින් ලෙසින් ක්රියා කලේය. මොවුන් දෙදෙනාගේම පළමු අභියෝගය එළඹෙන දකුණු අප්රිකානු තරග සංචාරය වේ.