ශ්‍රී ලංකා - බංගලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩාංගණ සහායකයන් වශයෙන් සහභාගි වූ 60 දෙනෙකුගෙන් යුත් පිරිස පළමු ටෙස්ට් තරඟය නිමා වුවත් ක්‍රීඩාංගණයෙන් මුදා නොහරින බව පල්ලෙකැලේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන භාර කළමනාකාර ජානක පතිරණ මහතා පැවසීය.
එම ක්‍රීඩාංගන සහායකයන් දෙවැනි ටෙස්ට් තරඟය ආරම්භ වන අප්‍රේල් 29 දින දක්වා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ඇති සියලු පහසුකම් සහිතව 100 දෙනෙකුට නවාතැන් ගත හැකි ශාලාවක රඳවා ආහාරපාන ඇතුළුව සියලු දීමනා ද සහිතව ජෛව බුබුළක ඔවුන් රඳවා තබන බව පතිරණ මහතා පැවැසීය .
එම ක්‍රීඩාංගන සහායකයන් ගෙන් එක් අයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ක්‍රීඩාංගන සහායකයන් සියලු දෙනාටම පී. සි.ආර්. පරීක්ෂණ සිදු කළබවත් එහි වාර්තාවලින් එහි සේවකයන් කිසිවෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැති බවද පැවසීය . දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ආරම්භ වීමට ප්‍රථම සියලු දෙනාට නැවතත් පි.සි.ආර්. පරීක්ෂණයකට භාජනය කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.