ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන මස 14 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹට ගෙන එනවා යැයි පැවසෙන වාර්තා අසත්‍ය බවත් කිසිදු ගැටලුවකින් තොරව එම තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී යොදාගත් පරිදි පවත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා 'අද'ට පැවසීය.
ශ්‍රී ලංකා-එංගලන්ත කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට කාමර පහසුකම් වෙන් නොකිරීම මෙලෙස එම තරගය කොළඹට රැගෙන ඒමට පියවර ගෙන ඇතැයි යන චෝදනාව ප්‍රතික්ෂේප කළ ප්‍රධාන විධායක නිලධාරියා මාස කිහිපයකට පෙරම කාමර වෙන් කර අවසන් කළ බව පවසා සිටියේය.
"දෙවැනි ටෙස්ට් තරගය කොළඹට ගෙන එනවා කියලා හැමෝම දැන් කතා කරනවා. ඒ පුවත අසත්‍යයක්. එහෙම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් හෝටල් කාමර මුලින්ම ලබාදෙන්නේ අපිට. අපි මෙම තරගයට කාමර වෙන් කළේ අප්‍රේල් මාසයේදියි. හැබැයි අපි වෙන්කළ හෝටලයේ විදේශිකයන් වැඩි පිරිසක් කාමර වෙන් කරලා තිබුණු නිසා පොඩි ගැටලුවක් ආවා.
ඉතින් අපි උදව් කරනවා එම ගැටලුව නිරාකරණය කරගන්න. අපේ කාමර ප්‍රමාණය අපිට ලබාදෙන බවට ඔවුන් පොරොන්දු වෙලා තියෙනවා. අනික එහෙම අපිට අවශ්‍ය විදිහට තරග මාරු කරන්න බැහැ. මේ වනවිට අවබෝධතා ගිවිසුම් එහෙමත් සියල්ල අත්සන් කරලා ඉවරයි. කලින් තරගවල ගෙවීම් නොකළ නිසා කාමර දෙන්නේ නැහැ කියලා සමහරු ප්‍රකාශ කරලා තිබුණා. ඒවා සියල්ල අසත්‍යයි.
පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේ පමණක් එක ගෙවීමක් තියෙනවා කරන්න. එය ප්‍රමාද වුණේ අපේ වරදින් නෙමෙයි, ඔවුන් බිල්පත් එවන්න ප්‍රමාද කළ නිසයි. දැන් එම බිල්පතත් අපිට ලැබිලා තියෙනවා. ඒනිසා එම ගෙවීමත් අපි කඩිනමින් සිදු කරනවා" යැයි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රකාශ කර සිටියේය.