ක්‍රිකට් තරගයක පිතීකරුවෙකු පන්දුවාරයකට ඒල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව බිඳ හෙලීමට ඉන්දීය පිතිකරු රුටුරාජ් ගායික්වාද් සමත්විය.
ඒ් විජේ හසාර් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ඉන්දීය ප්‍රාන්ත එදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ උත්තර ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිවයි.
මෙහිදි මහාරාෂ්ඨ ප්‍රාන්තයට ක්‍රිඩා කළ ගායික්වාද් පන්දු 159 කදී ලකුනු 220 ක් රැස් කිරිමට සමත්වූයේ හයේ පහර 16 ක් හා හතරේ පහර 10 ක් සමගිනි.
මෙහිදී තරගයේ 49 වැනි පන්දුවාරයේදී ගායික්වාද් විසින් වමත්දඟ පන්දු යවන ක්‍රීඩක ෂිවා සිංට හයේ පහර 7 ක් ඒල්ල කිරීම විශේෂත්වයකි.
සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගයක එක් පන්දුවාරයකට අවම පන්දු 6 ක් තිබුණත් මෙහිදී ෂිවා සිං යැවූ එක්පන්දුවක් නිපන්දුවක් වීම නිසා ගායික්වාද්ට මෙම හයේ පහර 7 සම්පූර්න කිරීමට අවස්ථාව ලැබිණි.
මෙහිදී ගායික්වාද්ට පන්දුවාරයකදී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුනු සංඛ්‍යාවේ වාර්තාවද අබිබවා යාමට සමත්වූ අතර ඒ් ඔහු ලකුනු 42 ක් වාර්තා කිරීමත් සමගිනි.
ගායික්වාද්ගේ මෙම ප්‍රහාරත් සමගින් මහාරාෂ්ඨ කණ්ඩායමට සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 5කට ලකුණු 330 ක් රැස් කරගත හැකිවිය. ගායික්වාද් ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් ක්‍රියා කරයි.