ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කර පෙරේදා (03දා) රාත්‍රියේ පැවැති තරගයෙන් කඩුලු 08ක පහසු ජයක් ලැබීමට භානුක රාජපක්ෂ ක්‍රීඩාකරන පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 48වැනි තරගය ලෙස මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 08ක් දැවී ලකුණු 143ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව මෙහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පංජාබ් කණ්ඩායම තරගයේ 16වැනි පන්දුවාරය සම්පූර්ණ වද්දී ලකුණු 145/2ක් රැස්කරමින් ජයග්‍රාහී කඩයිම පසුකර ගියේය.
මෙහිදී ජයග්‍රහණයට අවැසි මාවත විවර කර දුන් ශිකර් ධවාන් නොදැවී ලකුණු 62ක් රැස්කිරීමට සමත් වූ අතර, භානුක රාජපක්ෂද ඊට ලකුණු 40කින් දායක විය. පන්දු 28කදී ගොඩනැගුණු භානුකගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර පහක් ඇතුළත් විය.
කෙසේ නමුත් මෙම පරාජයෙන් මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටින ගුජරාට් කණ්ඩායමේ ස්ථානයට කිසිදු බලපෑමක් සිදු නොවුණි. පංජාබ් කණ්ඩායම මෙම ජයත් සමග 05වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.