ලෝක කුසලාන තරගාවලියේ පළමුවෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම්ලැබූ කණ්ඩායම බවට පත්විමට නෙදර්ලන්තය සමත්විය.
ඒ අවසන් 16 දෙනාගේ වටයේ සහභාගි වූ පළමු තරගයෙන් ඇමරිකාව ගෝල 3-1 ක් ලෙසින් පරාජයට පත් කරමිනි. මෙම තරගය අල් රයන් හි කලීෆා ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
තරගය ආරම්භයෙන් මිනිත්තු 10 ක් ගතවද්දීම ක්‍රියාත්මක වූ නෙදර්ලන්ත ඉදිරිපෙළ ක්‍රීඩක මෙම්පීස් ඩෙපායි පළමු ගෝලය නෙදර්ලන්තයට වාර්තා කලේය.
පළමු අර්ධය නිමාවට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී ක්‍රියාත්මක වූ මැදපෙළ ක්‍රීඩක ඩාලි බ්ලින්ඩ් දෙවැනි ගෝලය කණ්ඩායම වාර්තා කර දුන්නේ පළමු අර්ධය නිමා වද්දී ගෝල 2-0 ක් ලෙසින් නෙදර්ලන්තයට පෙරමුණ හිමිකර දෙමීනි.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ 76 වැනි මිනිත්තුවේදී ඇමරිකානු අතිරේක ඉදිරිපෙළ ක්‍රීඩක හාජි රයිට් සිය කණ්ඩායමට ගෝලයක් වාර්තා කරදුන්නේ නෙදර්ලන්තයට අබියෝගයක් වෙමිනි.
නමුත් නෙදර්ලන්ත අනෙක් මැදපෙළ ක්‍රීඩක ඩෙන්සිල් ඩම්ෆ්රයිස් තෙවැනි ගෝලය වාර්තා කරමින් නෙදර්ලන්තයට තරගයේ ජයග්‍රහණය තහවුරු කර දුන්නේය.
නෙදර්ලන්තය ලෝක කුසලාන පාපන්දු තරගාවලි 11 කට සහභාගි වී ඇති අතර ඉන් අවස්ථා 7 කදීම ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාතිබීම විශේෂත්වයකි.