එංගලන්ත-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේදී ඉදිරිපස පාදයේ නිපන්දු පරීක්ෂාව රූපවාහිනී විනිසුරුගේ (තෙවැනි විනිසුරු) මාර්ගයෙන් සිදුකිරීමට තීරණය කර තිබේ.ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ මෙවැන්නක් සිදුවන ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ.
මීට ඉහතදී ලෝක කුසලාන, සුපර් ලීග් ඇතුළු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ පැවැති තරගාවලි සඳහා මෙම තාක්ෂණය භාවිත කළ අතර, ඉන්සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවිය.
ඉදිරියේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේදී එය නිරන්තරයෙන් භාවිත කළ හැකිද යන්න තීරණය කිරීමටත්, මේ සඳහා අවශ්‍ය උපකරණ දැනටමත් එංගලන්තය තුළ පවතින බැවින්එංගලන්තය සහ පාකිස්තානය අතර තරගාවලියේදී මෙලෙස ඉදිරිපස පාදයේ නිපන්දුපරීක්ෂාව තෙවැනි විනිසුරුගේ මාර්ගයෙන් සිදුකිරීමට අයි.සී.සී.යතීරණය කර තිබේ.
පිටියේ විනිසුරුවන් විසින් සලකුණු නොකරනපන්දු යැවීම් පිළිබඳව මෙහිදීවැඩි අවධානයක් යොමු වී තිබේ. මෙම ක්‍රමය යටතේ, පන්දු යවන්නාගේ ඉදිරිපස පාදය පතිතවන ස්ථානයරූපවාහිනී විනිසුරු නරඹන අතර, තත්පර කිහිපයකින් පන්දුවේ නීත්‍යනුකූල භාවය පිළිබඳව පිටියේ විනිසුරුට දැනුම්දීමේ හැකියාව පවතී.
අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙන එංගලන්ත - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී ඊයේ (05දා) ආරම්භ විය.