ෙමෙවර ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ක්‍රොඒෂියා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක නිකොලා කලිනික් නැවතත් ක්‍රොඒෂියාව බලා පිටත්කර හැරීමට එම කණ්ඩායම් කළමණාකාරිත්වය තීරණය කර තිබේ. ඒ ඔහු කොන්දේ ආබාධයක් හේතුවෙන් නයිජීරියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
තරගාවලියට පෙරාතුව බ්‍රසීලය හා පැවැති පුහුණු තරගයකදී නිකොලා ආබාධයකට ලක්විය. මේ පිළිබඳව අදහස් දක්වන ක්‍රොඒෂියා පුහුණුකරු පවසන්නේ “ මගේ ක්‍රීඩකයන් තරගයට ක්‍රීඩා කිරීමට ශාරිරික වශයෙන් යොග්‍ය වීම අවශ්‍යයි” යනුවෙනි.
ක්‍රොඒෂියාව වෙනුවෙන් තරග 41කදී ගෝල 15ක් වාර්තා කිරීමට නිකොලා සමත්වී ඇති අතර පාපන්දු ලීග තරගාවලියන්හිදී ඔහු මේ වන විට ඉතාලියේ ඒ.සී. මිලාන් කණ්ඩායමට ක්‍රීඩා කරයි.