ටෙස්ට් පිටියේදී කණ්ඩායමක් අවම ලකුණු පරතරයකින් වාර්තා කළ ජයග්‍රහණයේ වාර්තාව සම කිරීමට නවසීලන්තය සමත්විය.
ඒ එංගලන්තය පරදා එක් ලකුණක තියුණු ජයක් හිමිකර ගනිමිනි. වෙලිංටන් හිදි පැවති මෙම තරගය එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ දෙවැනි තරගය ලෙසින් පැවැත්විණී.
මෙම ජයග්‍රහණයත් සමගින් තරග දෙකකින් යුත් තරගාවලිය තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සමතත්වයෙන් යුතුව අවසන් විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට නවසීලන්තය තීරණය කළ අතර ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිමට කඩුළු 8 ක් දැවී ලකුණු 435 ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීය.
හැරී බෘක් එහිදී ලකුනු 186 ක් හා ජෝ රූට් ලකුණු 153 ක් බැගින් රැස් කළහ. පන්දු යැවිමේදී මැට් හෙන්රි එංගලන්ත කඩුළු 4 ක් දවාලීය.
ඊට පිළිතුරු ලෙසින් නවසීලන්තයට සිය පළමු ඉනිමට ලබාගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුනු 209 ක් පමණි. ටිම් සවුති පන්දු 49 ක් තුළ ලබාගත් වේගවත් ලකුණු 77 හැරෙන්නට අනෙක් කිසිදු නවසීලන්ත පිතිකරුවෙකුට ලකුණු 50 සීමාවට පැමිණිමට නොහැකි විය.
පන්දු යැවීමේදී ස්ටුවර්ට් බ්‍රෝඩ් (4), ජේම්ස් ඇන්ඩර්සන් (3) හා ජැක් ලීච් (3) අතරේ කඩුළු බිඳී ගියේය.
ඒ අනුව ලකුණු 226 ක් පසුපසින් සිටි නවසීලන්තය සිය දෙවැනි ඉනිමටද පන්දුවට පහරදීමට පැමිණියේය. එහීදි ඔවුන් සිය දෙවැනි ඉනිමට සියල්ලන් දැවී ලකුනු 483 ක් රැස් කළහ. කේන් විලියම්සන් සිය 25 වැනි ශතකය වාර්තා කරමින් ලකුනු 132 ක් රැස් කලේය.
ඊට අමතරව ටොම් ලේතම් ලකුනු 83 ක් හා ටොම් බ්ලන්ඩෙල් ලකුණු 90 ක් බැගින් රැස් කළහ. ඒ අනුව ලකුනු 258 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ක්‍රීඩකයින්ට පන්දුවාර 74.2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 256 ක් පමණි.
නායක ජෝ රූට් ලකුනු 95 ක් රැැස් කළද අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුනු 50 සීමාව අබිබවායාමට නොහැකි විය. පන්දු යැවීමේදී නීල් වැග්නර් කඩුළු 4 ක් දවා ගත්තේය.
තරගයේ වීරයා සම්මානය නවසීලන්තය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ කේන් විලියම්සන් විසින් දිනා ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය එංගලන්තයේ හැරී බෘක් විසින් හිමිකර ගත්තේය.
මෙම ජයග්‍රහණය, ටෙස්ට් පිටියේදී කණ්ඩායමක් පළමු ඉනිම නිමාවූ විගසම අනෙක් කණ්ඩායමේ ආරාධනයෙන් නැවතත් දෙවැනි ඉනිමට පන්දුවට පහරදීමට පැමිණ (Following-on) ජයග්‍රහණය කළ සිව්වැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය. අවසන් වරට එවැනි ජයග්‍රහණයක් වාර්තා කලේ ඉන්දීය කණ්ඩායම 2001 වර්ෂයේදී කල්කටාවලදීය.
එමෙන්ම ටෙස්ට් පිටියේදී එක් ලකුණකින් වාර්තා වූ දෙවැනි ජයග්‍රහණය මෙය වූ අතර මීට පෙර 1993 වර්ෂයේදී බ.ඉ.කොදෙව් කණ්ඩායම 1993 වර්ෂයේදී ඔස්ට්‍රේලියාව ඇඩිලේඩ්හිදී පරාජයට පත්කරමින් මෙවැනි ජයග්‍රහණයක් වාර්තා කලේය.