ශ්රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 285ක ඉලක්කයක් හඹා යමින් සිටින සත්කාරක නවසිලන්ත කණ්ඩායම සිවුවැනි දිනයට තරගය නිමා කරන විට නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව තරගය ජය ගැනීම වෙනුවෙන් නවසීලන්තයට තවත් ලකුණු 257ක් රැස්කළ යුතු වෙයි. ටොම් ලැතම් 11* හා කේන් විලියම්සන් 7* නොදැවී පිටියේ රැදී සිටිති.