සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට නිමාකරන විට නවසීලන්ත පළමු ඉනිමට පිළිතුරු ලෙස සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කන්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 113ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව නවසීලන්තය පළමු ඉනිමට කඩුලු හතරක් දැවී ලකුණු 580ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුනු 164ක් පමණි. ඒ අනුව ලකුනු 416ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්රී ලංකා කණ්ඩායම තෙවැනි දිනය නිමා වන විට කඩුලු දෙකට ලකුනු 113ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 303ක් පසුපසින් සිටියි. දිමුත් කරුණාරත්න ලකුණු 51ට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 50ක් රැස්කරගෙන සිටියි.